hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 10, ප.ව. 2:46



බදුල්ල මහ රෝහල් පරිශ්‍රයේ ස්ථාන කිහිපයක මේ වනවිට විදුලිය විසන්ධි කර තිබෙනවා.

එම රෝහලේ විදුලි බිල රුපියල් කෝටි 7කට ආසන්න වීම නිසා මෙලෙස විදුලිය විසන්ධි කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

අප වාර්තාකරු සඳහන් කර සිටියේ ඉදිරියේ දී සම්පූර්ණයෙන් ම විදුලිය විසන්ධි වීමට ඉඩ ප්‍රස්ථාව පවතින බවයි.

ඊයේ (09) දිනයේ දී හෙද පුහුණු අංශය, වෛද්‍ය නිල නිවාස සහ හෙද නේවාසිකාගාරයේ විදුලිය විසන්ධි කළ බවයි වැඩිදුරටත් වාර්තා වූයේ.