hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 02, ප.ව. 2:26



සිංගප්පූරුවේ ජනාධිපති ධුරය සඳහා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අයෙකු තේරී පත්වී තිබෙනවා.

2011 වසරේ සිට 2019 දක්වා එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ධර්මන් ෂන්මුගරත්නම් මෙලෙස තේරී පත්ව ඇති අතර, මුදල්, අධ්‍යාපන සහ මානව සම්පත් කරළමනාකරණ අමත්‍යවරයා ලෙසද කටයුතු කර තිබුණා.

එමෙන්ම ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කමිටු සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇති බව සඳහන්.

ධර්මන් ෂන්මුගරත්නම් නම් ඔහුගේ මව මෙන්ම මුත්තණුවන්ද ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශයේ උපත ලැබූවන් බව සඳහන්.

ඊයේ පැවති ජනාධිපතිවරණයේදී ඔහු සමග තරඟ වැදුණු අපේක්ෂකයන් දෙදෙනෙකු අභිබවා ඡන්ද 70.4 ක ප්‍රතිශතයක් ලබාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අමාත්‍ය ධුර කිහිපයක්ම හොබවා ඇති ඔහු සැළකෙන්නේ සිංගප්පුරුවේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකු ලෙසයි.

පළමුවරට ජනතාව විසින් ඡන්දය දීමෙන් සිංගප්පුරුවේ ජනාධිපතිවරයෙකු තෝරා ගත් පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයක්.