hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2023 අගෝස්‍තු 22, පෙ.ව. 2:20



ඔක්තෝබර් මාසය වනතුරු මහ වැසි බලාපොරොත්තු විය නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂිකා (අනාවැකිකරණ) ශිරෝමණි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, සාමාන්‍යයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට නැවත මහ වැසි ඇද හැලෙන්නේ ඔක්තෝබර් නොවැම්බර් මාසවල දී බවයි.

සාමාන්‍යයෙන් අගෝස්තු දිවයිනට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබෙන මාසයක් බව පැවසූ ඇය, එල්නිනෝ තත්ත්වය හේතුවෙන් මෙවර එය ප්‍රබල වූ බව ද ප්‍රකාශ කළා.

ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳ මේ මාසය අග නැවත විශ්ලේෂණයක් කිරීමට බලාපොරොත්තු වන බව ද ශිරෝමණී ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් පැවසුවා.