hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 11, ප.ව. 6:33



කොළඹ කොටුවේ පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ වෘත්තිකයන්ගෙන් රුපියල් කෝටි ගණනින් ආයෝජන ලෙස මුදල් ගෙන කළ වංචා කිරීමක් සිදු කළ තිළිණි ප්‍රියමාලී පිටුපස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩබලන ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කළා.

ඒ තිළිණි ප්‍රියමාලී සම්බන්ධ සිදුවීමට ජාතික ජනබලවේගයේ සහ ජවිපෙ නායකයින් කිහිප දෙනෙකුගේ නම් ඇතුලත් කර ව්‍යාජ ප්‍රවෘත්තීයක් පල කළ පුද්ගලයින් සම්බන්ධයෙන් සහ අදාල සිද්ධියට සත්‍ය ලෙසම සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධව පරීක්ෂණයක් කරන ලෙස රහස් පොලිසියට පැමිණිල්ලක් භාර දුන් අවස්ථාවේදීයි.

මෙලෙස කළු සල්ලිකාරයන් කවුද යැයි රටට හෙළි කළ යුතු බවත් නැවත ඒ කළු සල්ලි අය කළ යුතු බවත් කියා සිටියා.

තිළිණි ප්‍රියමාලී හිරගෙදර සිට දුන් කටඋත්තරයේ ජානකි සිරිවර්ධනට වැඩිපුර මුදල් දැමු බවත් ජානකී සිරිවර්ධන යනු නාමල් රාජපක්ෂගේ හිතවතියක් බවත් ඔහු කියා සිටියා.

ඒ නිසා නාමල් රාජපක්ෂ මහතා මෙම ගණුදෙනුව පිටුපස සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: