hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2024 ජූලි 09, පෙ.ව. 12:02



මගී ජනතාවට පොදු ප්‍රවාහන සේවා කටයුතු පහසුවෙන් හා කාර්යක්ෂම ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතු විද්‍යුත් ක්‍රමවේදයකට අනුව සිදුකිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව මෙම වසර අවසන් වීමට පෙර දුම්රිය සේවයද ඇතුළු මෙරට සියලු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දීමට තීරණය කර ඇත.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහ මහතාද මේ බව තහවුරු කර ඇත.