hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 25, පෙ.ව. 12:02



පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්මේන්තුවේ සහාය ඇතිව සමූහ වශයෙන් ටින් අංකය ලබාදීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඊයේ (24) පෙරවරුවේ රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ටින් අංකය ලබාගැනීමේ සාමාන්‍ය ක්‍රමවේදය ක්‍රියාත්මක වන අතරතුර සාමාන්‍ය ජනතාවට වඩාත් පහසුවෙන් එය ලබාදීම සඳහා ඊයේ (23) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ.

මිලියන 15 කට ආසන්න, වයස අවුරුදු 18 ඉක්ම මූ පුද්ගලයින්ගේ ජීව දත්ත ගබඩාව උපයෝගී කරගෙන මෙහිදී, ඔවුන්ගේ ලියාපදිංචිය තොග වශයෙන් සිදු කිරීමත්, එහිදී පුද්ගලයින්ගේ ජාතික හැදුනුම්පත් අංකය උපයෝගී කරගෙන ටින් අංකය ලබාදීමත් සිදු කෙරෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඒ තුළින් රාජ්‍ය ආදායම සම්බන්ධව පැහැදිලි දත්ත පද්ධතියක් රටතුළ නිර්මාණය වන බවත්, ඉදිරියේදී ඩිජිටල් හැදුනුම්පත හදුන්වා දීමෙන් පසු එම සියළු කාරණා එකට බැදුනු ශක්තිමත් දත්ත පද්ධතියක් නිර්මාණය වන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එහිදි වැඩිදුරටත් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: