hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 30, පෙ.ව. 12:03



අවුරුදු 18 ට වැඩි සියලු පුරවැසියන් සඳහා ටින් අංකයක් ලබාදීමට පියවර ගත්තද ඒ සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් හඳුනාගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතු උපකරණ ආදිය ප්‍රමාණවත් නොවීම වැනි ගැටලු කිහිපයක් ඒ අතර වන බව, රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ, පසුගිය සතියේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති දීර්ඝ සමාලෝචන රැස්වීමකදී මෙම ගැටලුවලට විසඳුම් ලෙස දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට පිරිස් බඳවා ගැනීමට අවසර ලබාදීම, සාධාරණ ගෙවීම් යටතේ විශ්වවිද්‍යාලයෙන් පිටවන උපාධිධාරීන්, පුහුණු වන්නන් ලෙස බඳවා ගැනීම ඇතුළු විසඳුම් රාශියක් ලබාදීමට පියවර ගත් බවත්, ඒ අනුව බදු ලියාපදිංචිය හෝ ඒ සම්බන්ධ කිසිදු කටයුත්තක් අඩාල වීමට ඉඩ තබා නොමැති බවයි.

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා තොරතුරු ගෙන සමූහ වශයෙන් ටින් අංකය නිකුත් කිරීමට පියවර ගන්නා බවද ඔහු පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: