hit counter

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2025 මාර්තු 17, ප.ව. 1:59



හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පවසන්නේ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තමා විසින් සඟවාගෙන සිටින බවට සමාජ මාධ්‍යවල පළ වන වාර්තා සිනා යන විහිළුවක් බවයි.

ඔහු සඳහන් කළේ, එවැනි ප්‍රචාර මගින් රට හිනස්සන අය තමන් ගැන වැරදි අදහස් පතුරුවමින් සමාජය නොමග යවන බවයි.

එම වැරදි ප්‍රචාරවලට රැවටී නොයන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

දේශබන්දු තෙන්නකෝන් මහතා ටිරාන් අලස් විසින් සඟවාගෙන සිටින බවට සමාජ ජාලවල පළ වන වාර්තා පිළිබඳ විමසූ විට ඔහු මේ අදහස් පළ කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: