hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 12, ප.ව. 1:35



අද (12) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර ඒ අනුව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

දිනෙන් දින ආරම්භ කෙරෙන දුම්රිය වැඩ වර්ජන නිසා රට තුළ ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රිය සේවකයන් විවිධ ඉල්ලීම් මුල්කර ගනිමින් හදිසියේ ආරම්භ කරන වැඩ වර්ජන නිසා මෙරට ජන ජීවිතවලට එල්ල වන්නේ මහත් පීඩනයක්.