hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2024 මාර්තු 22, ප.ව. 1:44



එළඹෙන අලුත් අවුරුද්ද සහ රාමසාන් උත්සවය නිමිත්තෙන් විශේෂ පොදු ප්‍රවාහන සැලැස්ම අප්‍රේල් (05) වැනිදා සිට (15) වැනිදා තෙක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත.

ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, දුම්රිය දෙපාර්තමේන්තුව හා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී වෙත ලිඛිතව දැනුම් දී ඇත.

කොළඹ සිට ගම්බිම් බලා යන ජනතාවට බස්රථ සේවා ක්‍රියාත්මක කරන බවත් එම කාලයේදී බස්රථ කාලසටහන් අවලංගු කර ඉල්ලුමට අනුව බස්රථ යොදවන බවද ලංකා ගමනාගමන මණ්ඩලය හා ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

තවද එම කාලයේදී දුම්රිය ධාවනය විශේෂ සැලැස්මක් යටතේ ධාවනය කරවීමට සැලසුම් කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: