hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 29, පෙ.ව. 10:15



අද (29) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව ආදර්ශ ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ආදර්ශ ප්‍රශ්න ප්‍රසිද්ධ කිරීමද තහනම් වනවා.

එමෙන්ම මෙවැනි කටයුතුවල නිරත වන පුද්ගලයින්ට හෝ කණ්ඩායම්වලට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අනුව 2023 අ.පො.ස උසස් පෙළ විභාගය ජනවාරි 4 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: