hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 24, පෙ.ව. 12:04



උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අද (23) ජනතා අයිතියට පත් වීමට නියමිතව තිබෙනවා.

එම අවස්ථාවට ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මහතා සහභාගී වන අතර ඒ මහතා හෙට මෙරටට පැමිණීමට නියමිතයි.

2011 වසරේ දී උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණා.

ඒ සඳහා ඉරාන ණය ආධාරයක් මගින් මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට ඇස්තමේන්තුගත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 513ක් වන අතර මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වාරිමාර්ග, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120 ක දායකත්වයක් ලබා දෙමින් පුහුල්පොළ සහ ඩයබර ජලාශවල ගබඩා කර ඇති ජලය, ජල විදුලිය උත්පාදනය කිරීමට යොදාගෙන ඇති අතර කිලෝමීටර් 23ක උමං මාර්ගයක් හරහා ජලය ගෙන යමින් භූගත ටර්බයින දෙකක් වෙත ළගා වන ලෙස මෙය සකස්කර තිබෙනවා.

මෙම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් කුඹුරු අක්කර 20,000කට පමණ ජලය සැපයීමට නියමිත අතර මෙම වාරි යෝජනා ක්‍රමය යල සහ මහ කන්නයට අවශ්‍ය වසර පුරා කෘෂිකාර්මික කටයුතු සඳහා සහාය වනු ඇති.

එමෙන්ම බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල පවතින පානීය ජල හිඟයටද මෙම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් විසඳුම් ලබාදීමට පියවර ගෙන ඇති බවද සඳහන් වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: