hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූනි 28, පෙ.ව. 10:15



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන ඇති සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහය වන බව මෙරටට පැමිණ සිටින ඇමරිකානු රාජ්‍යත්‍රාන්ත්‍රික ධූත පිරිස, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ ඔවුන් අද කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීයි.

එහිදී ජනාධිපතිවරයා විසින් රටේ පවතින ආර්ථික අසීරුතාවය, සාමාජීය අපහසුතාවය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා වල ප්‍රගතිය සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඉතා උනන්දුවෙන් පසුවන බවත් අවශ්‍ය සහය ලබා දෙමින් උපකාර කිරීමට කටයුතු කරන ලෙසත් ඇමරිකානු ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බවයි මෙරටට පැමිණ සිටින නියෝජිතයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇත්තේ.

ඖෂධ සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට ණයවර ලිපි නිකුත් කිරීමේ දි ශ්‍රී ලංකාවට සහය වන ලෙස ජාත්‍යන්තර බැංකු වෙතින් ඉල්ලා සිටීමට කටයුතු කරන බව ඇමරිකානු නියෝජිතයින් කියා සිටියා.