hit counter

2025 මාර්තු මස 26 වන බදාදා

2025 පෙබරවාරි 05, පෙ.ව. 10:11



රට තුළ භාවිතා කරන ලද වාහන මිල ගණන් නැවත වතාවක් ඉහල යමින් තිබෙනවා.

රජය විසින් නව බදු හඳුන්වාදීමත් සමඟ ආනයනය කරන වාහන වල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමග මෙම ප්‍රවණතාවය ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.

පැවැති බදු අනුපාත යටතේම නව වාහන ආනයනය සිදුවනු ඇතැයි බලාපොරොත්තුවෙන් පාරිභෝගිකයන් භාවිත කල වාහන මිලට ගැනීම අඩු කිරීම මත ආසන්න දින කිහිපය තුළ දෙවන පෙල වාහන සැලකිය යුතු ලෙස පහළ බැසීමක් සහ අලෙවි අඩුවීමක් දක්නට ලැබුණා.

කෙසේ නමුත් නව බදු හඳුන්වා දීමෙන් පසු ආනයනික වාහන මිල ගණන් ඉහල යාමත් සමඟ මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවයි පැවසෙන්නේ.

මෙරට වාහන අලෙවි කරන ජනප්‍රිය වෙබ් අඩවි කිහිපයකම ද එම මිල ඉහළ යාම පැහැදිලිව නිරීක්ෂණය කල හැකිය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: