hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 27, පෙ.ව. 12:03



තමාගේ නමට ලියාපදිංචි නොකර වාහන මිලදී ගෙන පාවිච්චි කරන්නන් හට මෝටර් රථ ප්‍රහාන දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒවා කඩිනමින් තමන්ගේ නමට ලියාපදිංචි කරන ලෙසටයි ඔවුන් ඉල්ලීමක් කළේ.

මේ වනවිට පොලිසිය CCTV කැමරා මඟින් රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන්ට දඩ කොළ යැවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ හේතුවෙන් වාහනයේ අයිතිය, වර්තමාන අයිතිකරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය කර තිබීම වැදගත් බවයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කළේ.

මෙලෙ‍ස ලියාපදිංචි කිරීම තුළින් වාහනයේ නව අයිතිකරු සහ පැරැණි අයිතිකරු යන දෙපාර්ශ්වයම අපහසුතාවට පත්වීම වළක්වා ගත හැකියි.

ඒ අනුව කඩිනමින් වාහනය තමන්ගේ නමට ලියාපදිංචි කරගන්නා ලෙසත් රථ වාහනය මිලදී ගෙන දින 14ක් ඇතුළත ලියාපදිංචි කටයුතු සිදු කරගන්නා ලෙසත් මෝටර් රථ ප්‍රහාන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලීමක් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: