hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 31, ප.ව. 1:08



රියදුරු පාසල්වල ප්‍රමිතිය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේද මේ වන විට සකස් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (කාර්මික ) සුජිත් තෙන්නකෝන් මහතා පවසනවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග අනතුරු වැළැක්වීම සම්බන්ධයෙන් ඊයේ (30 ) ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවේදී කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් රියදුරු බලපත්‍රය ලබා ගැනීමට පෙර රියැදුරු පාසල්වලද පෙර පුහුණුවක් සහ ලිඛිත පරීක්ෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාව පිළිබඳ අවධානය යොමුව ඇති බවයි, එහිදී ඔහු ප්‍රකාශ කළේ.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ රිය අනතුරු වළක්වා ගැනීමේ කමිටුවේ තානාපති ඩිලන්ත මාලගමුව මහතා ප්‍රකාශ කළේ, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මේ දක්වා කාලය තුළ අධිවේගී මාර්ගවල සිදුවූ රිය අනතුරුවල වැඩිවීමක් දක්නට ඇති බවයි.

මේ වසරේ ජනවාරි මාසය තුළ පමණක් රිය අනතුරු හේතුවෙන් හයදෙනෙකු මියගොස් ඇති බවද ඔහු මෙහිදී අවධාරණය කළා.

මෙම තත්ත්වය මත රථවාහන අනතුරු වළක්වා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: