hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි 21, ප.ව. 12:11



ඉදිරියේදී යළි වාහන වෙළෙඳපොළ විවෘත කිරීමේදී පවතින විදේශ සංචිත ප්‍රමාණය සම්බන්ධයෙන් සලකා බලමින් වාහන ආනයනය කිරීම අදියර කිහිපයක යටතේ ක්‍රමානුකූලව සිදු කරන බව විදේශ ඇමති විජිත හේරත් ප්‍රකාශ කළා.

ඒ, ප්‍රධාන මාධ්‍ය නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීයි.

එමෙන්ම එලෙස වාහන ආනයනයේදී බදු අනුපාතයන් වෙනස් කර ඇති බවත් යම් සීමාවකට යටත්ව වාහන ආනයනය කිරීම සිදුකරන බවත් ඔහු එහිදී කියා සිටියා.

ඒ, අනුව බදු අනුපාතයන් ඉහල යාමත් සමග ආනයනික වාහන වල මිලද ඉහල යනු ඇති බවත්, නව වාහන පැමිණීමත් සමග ඇතිවන තරගකාරීත්වය තුළ යම් වාහනවල මිල අඩුවීමේ හැකියාවක් ඇති බවත් වැඩිදුරටත් සඳහන් කළා.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: