2026 ජූනි 26, පෙ.ව. 10:52
පාර්ලිමේන්තුව තුළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් සහ විමර්ශන පිළිබඳව සාකච්ඡා කරමින් කාලය වැය නොකර, ශීඝ්‍රයෙන් ඉහළ යන ජීවන වියදම හමුවේ ජනතාව මුහුණ දෙන පීඩනයට විසඳුම් සෙවීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ රට පුරා සිටින පවුල් මුහුණ දෙන ආර්ථික දුෂ්කරතාවලට ජනතාව ජනාධිපතිවරයාගෙන් විසඳුම් අපේක්ෂා කරනවා මිස, දැනට ක්‍රියාත්මක විමර්ශන සහ නීතිමය ක්‍රියාදාමයන් පිළිබඳව ඔහු සිදු කරන ප්‍රකාශයන් කෙරෙහි ජනතාවගේ උනන්දුවක් නොමැති බවයි.
අත්අඩංගුවට ගැනීම්, විමර්ශන හෝ අධිකරණ තීන්දු පිළිබඳව පූර්ව අනාවැකි පළ කිරීමට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවක් කර වේදිකාව නොගත යුතු බව පවසන මන්ත්‍රීවරයා, විමර්ශනය කළ යුතු පැමිණිලි තිබේ නම් ඊට අදාළ නීතිමය ක්‍රියාවලිය ස්වාධීනව ඉදිරියට යාමට ඉඩ හැරිය යුතු බව ද සඳහන් කරයි.
“ඕනෑම නඩුවක් හෝ විමර්ශනයක් තිබේ නම් නීතියට අනුව එය සිදුවීමට ඉඩ දෙන්න. අපි ඕනෑම විමර්ශනයකට සහ නීතිමය ක්‍රියාවලියකට මුහුණ දීමට සූදානම්. මොකද අපිට අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසයක් තියෙනවා, අපි කිසිම දේකින් පැනලා යන්නෙ නැහැ,” යැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
භාණ්ඩ මිල සහ ගෘහස්ථ වියදම් ඉහළ යාම හේතුවෙන් මෙරට බහුතරයක් පවුල් දැඩි ආර්ථික පීඩනයකට ලක්ව ඇති බව පෙන්වා දෙන රාජපක්ෂ මහතා, වත්මන් රජය පොරොන්දු වූ යහපාලන ප්‍රතිපත්ති ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවට ද චෝදනා කළේය. එමෙන්ම වත්මන් රජයේ ඇතැම් අමාත්‍යවරුන්ගේ දූෂණ සහ හැසිරීම් සම්බන්ධයෙන් මේ වන විට බරපතළ ප්‍රශ්න මතුව ඇති බව ද ඔහු පැවසීය.
වත්මන් රජයේ අමාත්‍යවරුන් වගකීම් විරහිතව වත්කම් සහ දේපළ උපයා ගනිමින් සිටින බවට චෝදනා එල්ල වුවද, රජයේ සාමාජිකයින්ට එරෙහිව එල්ල වන එවැනි චෝදනා සම්බන්ධයෙන් බලධාරීන් කිසිදු පියවරක් නොගන්නා බවට ද මන්ත්‍රීවරයා චෝදනා කළේය.
අත්අඩංගුවට ගැනීම් සහ උසාවි නඩු පිළිබඳව අදහස් දැක්වීම පසෙක තබා, ජනාධිපතිවරයා විසින් ජීවන වියදම් අර්බුදය, සාමාන්‍ය වැසියන් මුහුණ දෙන ආර්ථික අභියෝග සහ රජය තුළ සිදුවන දූෂණයන් පිළිබඳව ජනතාව තුළ පවතින කනස්සල්ල කෙරෙහි අවධානය යොමු කළ යුතු බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
“දිනෙන් දින ඉහළ යන ජීවන වියදමට සහ තමන් මුහුණ දෙන ආර්ථික පීඩනයට ජනතාවට අවශ්‍ය කරන්නේ විසඳුම්. රටට මේ වෙලාවේ විසඳාගත යුතු ප්‍රධානම අර්බුදය එයයි,” යනුවෙන් ද ඔහු සඳහන් කර තිබේ.
2026 ජූනි 26, පෙ.ව. 10:56
2026 ජූනි 26, පෙ.ව. 10:31
2026 ජූනි 26, පෙ.ව. 12:19
2026 ජූනි 26, පෙ.ව. 12:18
2026 ජූනි 26, පෙ.ව. 12:16
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26