hit counter

2026 ජූනි මස 25 වන බ්‍රහස්පතින්දා

2026 ජූනි 26, පෙ.ව. 12:18



ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් නිදහස් කළ ණය මුදලක් වෙනත් වැරදි ගිණුමකට බැරවීමේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට කිසිදු වගකීමක් පැවරිය නොහැකි බව මහ බැංකුවේ අධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

මුදල් කාරක සභාව හමුවේ අධිපතිවරයා දැක්වූ මෙම අදහස නීතිපති දෙපාර්තමේන්තුවේ ද එකඟතාවයට ලක්ව ඇති බව සමගි ජන බලවේගය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා දී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.

ජාතික පරිසර සංශෝධන පනත් කෙටුම්පතට අදාළ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

“විදේශ ණය ගෙවීමේදී වැරදි ගිණුමකට යෑමයි සිද්ධිය පරීක්ෂණය කරද්දී මහ බැංකු අධිපතිතුමා මුදල් කාරක සභාවේදී කියනවා අපි මේකට බැඳිලා නැහැ කියලා. මූල්‍ය හුවමාරු රෙගුලාසි පනතට වගකියන්න අවශ්‍ය නැහැ කිව්වා.ඒක නීතිපති දෙපාර්තමේන්තුවත් අනුමත කළා. මුදල් යැවීමේදී මම කිව්වා ඒ පනතේ වගන්තිය යටතේ සියලුම ආයතන වගකියන්න ඕන කියලා. මුදල් හුවමාරු කිරීමේ පනත පැහැදිලියි”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: