hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූනි 19, ප.ව. 2:24



හිටපු කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් රැසක් තවමත් සිය නිල වාහන තවමත් බාර දී නැතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

එසේ නිල වාහන බාරදී නොමැති හිටපු කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් නිල වාහනවලට අමතරව පෙර ගමන් රථ ද භාවිත කරන බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම වාහන ආපසු බාර දෙන ලෙස අදාළ අමාත්‍යංශවලින් හිටපු ඇමතිවරුන්ට සහ රාජ්‍ය ඇමතිවරුන්ට දැනුම් දී ඇතත් බොහෝ දෙනකුගෙන් ඊට නිසි ප්‍රතිචාරයක් ලැබී නැතැයි වාර්තා වනවා.

රජයේ නිල වාහන බාර නොදුනහොත් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන් සූදානමින් සිටින බවයි එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

මේ අතර, ඉන්ධන අර්බුදය බරපතළ වී තිබෙන නමුත් ඇතැම් අමාත්‍යවරුන් ඉන්ධන දහනය වැඩි අධි සුඛෝපභෝගී වාහන ම භාවිත කරන බවයි වාර්තා වන්නේ.