hit counter

2025 පෙබරවාරි මස 17 වන සඳුදා

2025 ජනවාරි 22, පෙ.ව. 9:38



පෙබරවාරි මාසයේදී වාහන වෙළඳපළ යළි විවෘත කිරීමෙන් පසු වාහන මිල ඉහළ යනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

ඉන් අනතුරුව ක්‍රමිකව වෙළඳ වල හැසිරෙන ආකාරය නිරීක්ෂණය කළ හැකි බවද හෙතෙම කියා සිටී.

පළමු මාසයේදීම ඩොලරය මත වැඩිත් තෙරපුමක් ඇති නොවීමට කටයුතු කළ යුතුව ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම මෙරට තුළ දැනට පවතින දෙවන පෙළ වාහන වෙළඳපළේ මිලද සම්බන්ධයෙන්ද සැලකිලිමත් විය යුතු බවත් පැවසූ ඔහු ගෙන්වන වාහන විශාල ලෙස මිල අඩු වුවහොත් හෝ පරතරය අඩු වුවහොත් බැංකු පද්ධතිය ඇතුළු මුල්‍ය ආයතන අර්බුදයකට යනු ඇති බවත් සඳහන් කළේය.

මෙන්ම මෙවර වාහන ආනයනේදී වාහන තීරු බදු සහන බලපත්‍ර සඳහා අවසර ලබා නොදෙන බවත් ඉදිරියේදී ඒ ගැන සලකා බලය හැකි බවත් පැවසු ඔහු දැනටමත් නිකුත් කරන ලද වාහන විසි දහසක් පමණ තිබෙන බවත් පැවසීය.

සිරස රූපවාහිනිය පැවැති වැඩසටහනකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: