hit counter

2025 ජූනි මස 12 වන බ්‍රහස්පතින්දා

2025 ජූනි 09, පෙ.ව. 12:03



රේගු ඇස වසා නීති විරෝධී ලෙස ආනයනය කරන ලද වාහන මිල දී ගැනීම නිසා ඇතැම් පුද්ගලයන්ට සිදු වූ අපහසුතා මඟහරවාගැනීමේ අටියෙන් ශ්‍රී ලංකා රේගුව ඉකුත්දා මෝටර් වෙහිකල් වෙරිෆිකේෂන් (Motor Vehicle Verification) නමැති සබැඳියක් (Link) රේගු වෙබ් අඩවියට හඳුන්වා දී ඇත.

ශ්‍රී ලංකා රේගුව එම සබැඳිය ඔස්සේ රේගු වෙබ් අඩවියට පිවිසී මිල දී ගැනීමට නියමිත මෝටර් රථයේ චැසි අංකය සහ මෝටර් රථය මිලට ගැනීමට නියමිත පුද්ගලයාගේ ජංගම දුරකතන අංකය ඇතුළු කිරීමෙන් පසු එක්වරක් පමණක් භාවිත කළ හැකි අංකය (OTP) ලැබෙයි.

එම අංකය සබැඳියට ඇතුළු කළ පසු මිල දී ගැනීමට නියමිත මෝටර් වාහනය ශ්‍රී ලංකා රේගුව මඟින් නීත්‍යනුකූලව නිදහස් කළ වාහනයක්ද එසේ නොමැතිව නීති විරෝධිව මෙරටට ගෙන්වූ වාහනයක්ද යන්න ශ්‍රී ලංකා රේගුව අදාළ පුද්ගලයා දැනුවත් කරන බවද රේගුව සඳහන් කරයි.‍





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: