2023 අගෝස්‍තු 28, පෙ.ව. 12:21
වෙස්ට්වර්ජිනියා භාවනා මධ්‍යස්ථානාධිපති උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක අග්ග මහා පණ්ඩිත හේනේපොළ ගුණරතන නායක හිමියන් ඇගයීමේ උත්සවයක් වොෂින්ටන් තානාපති කාර්යාලයේදී පැවැත්වුණා.
මෙම අවස්ථාවට ආචාර්ය පූජ්‍ය ඇත්කදවක සද්ධාජීව හිමි, උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක කටුගස්තොට උපරතන නාහිමි, වොෂින්ටන් විහාරාධිපති මහරගම ධම්මසිරි නා හිමි, නිව්ජර්සි බෞද්ධ විහාරාධිපති හුංගම්පොල සිරිරතන හිමි, ස්ටැටන් අයිලන්ඩ් විහාරාධිපති, නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපති අලුත්ගම ධම්මජෝති හිමි, ලෝන්ග් අයිලන්ඩ් බෞද්ධ විහාරාධිපති කොට්ටාවේ නන්ද හිමි, පීට්ස්බර්ග් විහාරාධිපති ආචාර්‍ය පුරක්කුලමේ ප්‍රේමරතන හිමි ප්‍රමුඛ බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ ඇමරිකානු දායක පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම ඇගයීමේ උත්සවය පවත්වනු ලැබුවා.
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:49
2026 අප්‍රේල් 27, පෙ.ව. 9:50
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:17