hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 10, පෙ.ව. 1:26



පවතින අධික වියළි කාලගුණික තත්ත්වයත් සමඟ වික්ටෝරියා ජලාශයේ ජලය ලීටර් මිලියන තුනක් දෛනිකව වාෂ්ප වන බව එහි කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා පවසනවා.

මේ වන විට ජලාශයේ පිරී තිබෙන වර්ග කිලෝ මීටර් 11 ක් වපරිසයෙන් යුත් පෘෂ්ඨයේ  මිලි මීටර් 05ක් උසට ඇති ජල ප්රමාණය දෛනිකව වාෂ්ප වන බවද ඒ මහතා සඳහන් කළා.

වික්ටෝරියා ජලාශය පිරී තිබෙන ජල පරිමාවෙන් මිලී මීටර් දෙකක පමණ උසට ඇති කොටසක් සාමාන්‍යයෙන් වාෂ්ප වන බවත් පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ එම ප්‍රමාණය මේ වනවිට දෙගුණයකටත් වඩා ඉහළ ගොස් තිබෙන බවත් කාර්යභාර ඉංජිනේරුවරයා ප්‍රකාශ කළා.

වික්ටෝරියා ජලාශ සම්පූර්ණයෙන් ජලයෙන් පිරිණු විට වර්ග කිලෝ මීටර් 24 ක වපසරියකින් සමන්විත වන බවත් ජලය අඩුකම නිසා මේ වනවිට වර්ග කිලෝ මීටර් 13ක ප්‍රමාණය ජලය නොමැති බවත් ඇහැලපිටිය මහතා පැවසුවා.

ජර්මනිය, ප්‍රංශය, කොරියා, චීනය වැනි රටවල් ජලය මත පාවන සූර්ය පැනල සවි කිරීම මගින් මෙම වාෂ්ප වන ජල ප්‍රමාණය අඩුකර ගැනීමට පියවර ගෙන තිබෙන බවත් ඊට අමතරව ඔවුන් එමඟින් අමතර විදුලි නිෂ්පාදනයක් ද සිදු කරන බවත් හෙතෙම අවධාරණය කළා.

ජලාශය මත සූර්ය පැනල එලීම මගින් ජලයේ සිටින මත්ස්‍යයින්ට ද හිතකර පරිසරයක් නිර්මාණය වන්නේ යැයි ද ඒ මහතා කියා සිටියා.

මහනුවර – කමල් සුරවීර