hit counter

2024 මැයි මස 15 වන බදාදා

2024 ජනවාරි 19, පෙ.ව. 10:21



ඉදිරියේදී පැතිර යාමේ අවධානමක් සහිත කොරෝනා වෛරසයට වඩා 20 ගුණයකින් පමණ මාරාන්තික ‘එක්ස්’ (X) යනුවෙන් නම් කර ඇති මාරාන්තික වසංගත රෝග කාරක විෂබීජය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ඩාවොස් නගරයේ මෙම දිනවල පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වන ලෝක නායකයන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් පසුගිය බදාදා (17) පවත්වා තිබෙනවා.

තවමත් සැබෑ ලෝකයේ මිනිසාගෙන් මිනිසාට මෙම රෝග කාරකය සම්ප්‍රේෂණය වීමක් සිදු නොවූවද ශ්වසන රෝග වෛරසයක් විය හැකි මෙම රෝගකාරකය දැනටමත් සතුන් අතර පැතිර ගොස් තිබිය හැකි බව ඔවුන් සඳහන් කරනවා.

ඉදිරියේ දී කිසියම් සත්ත්ව විශේෂයක් හරහා එම රෝගකාරකය මිනිසාට සම්ප්‍රේෂණය වී ගෝලීය වසංගතයක් දක්වා එය වර්ධනය විය හැකි බවත් ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය ආරක්ෂණය සම්බන්ධ ජෝන් හොප්කින්ස් මධ්‍යස්ථානයේ වෛද්‍ය අමේෂ් අඩල්ජා මහතා පවසා තිබෙනවා.

පර්යේෂකයන්, විද්‍යාඥයන් හා විශේෂඥයන් එකතු වී එවැනි සත්ත්වයන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන වසංගත රෝගයක් පැතිර ගියහොත් එය මර්දනය කිරීම සඳහා ලොව පුරා සෞඛ්‍ය පද්ධතීන් සූදානම් කිරීමට සැලසුම් සකස් කිරීමට අපේක්ෂා කරන අතර එහි පියවරක් වශයෙන් ලෝක ආර්ථික සමුළුවට සහභාගී වන ලෝක නායකයන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණා.

මෙය දැනටත් සත්ත්වයන් අතර ඉතා ඉහළ මරණ අනුපාතයක් පවතින රෝග කාරකයන් සංසරණය වන බවත් එම රෝගකාරකයන් කුමන මොහොතක දී හෝ මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන තත්ත්වයට පත් විය හැකි බවත් වෛද්‍ය අඩල්ජා සඳහන් කර සිටියා.

ලෝක නායකයන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවැති විශේෂ සාකච්ජාවේදී මෙම ‘එක්ස්’ නමැති මාරාන්තික රෝග කාරකය අපේක්ෂා කරන කාලයට පෙර මතු විය හැකි බව එක් විශේෂඥයකු පවසා තිබෙනවා.

2022 වසරේදී විද්‍යාඥයන් 300 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කැඳවා තිබූ සමුළුවකදී වෛරස් හා බැක්ටීරියා පවුල් 25ක් ඇසුරෙන් ඉදිරියේදී ලොව පුරා මහත් විනාශකාරී ප්‍රතිඵල අත්කර දිය හැකි පුළුල් ලෙස අධ්‍යයනය කළ යුතු රෝග කාරක සම්බන්ධයෙන් ලැයිස්තුවක් සකස් කර තිබෙන අතර එහි මෙම ‘එක්ස්’ රෝග කාරකය ද ඇතුළත්.

කෙසේවුවද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම ‘එක්ස්’ රෝගකාරකය හඳුනාගෙන ඇත්තේ 2018 වසරේ දී බව අනාවරණය වී තිබෙන අතර මෙම එක්ස් රෝගය සඳහා එන්නත් නිපදවීමේ කාර්යය ද අරඹා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: