hit counter

2024 මැයි මස 18 වන සෙනසුරාදා

2024 මැයි 05, ප.ව. 12:29



වීසා ඇයදුම් කිරීමේ ක්‍රියාවලිය VFS Global වෙත ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට පාර්ශව රැසකින් අප්‍රසාදය යොමු වී ඇත.

මෙලෙස විරෝධතාවය පළ කරන්නන් පවසා සිටිනුයේ, මේ වන විටත් සංචාරකයන්ගේ පැමිණීම සාධනීය මට්ටමක ඇති නිසා මෙවැනි අවස්ථාවක වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලිය හරහා රජයට ඩොලර් මිලියන 50කට ආසන්න ප්‍රමාණයක් උපයා ගත හැකි බවටයි.

සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය පවසා සිටියේ VFS Global ආයතනය වීසා වලට අයකරන ගාස්තුවෙන් 25% කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගන්නා බවත්, එමඟින් රජයට හෝ සංචාරකයන්ට කිසිදු වාසියක් අත් නොවන බවත් ය.

පෙර පැවැති ආකාරයට රජයේ වෙබ් අඩවියකින් මෙම වීසා ලබා ගැනීමේ ක්‍රියාවලිය ස්ථාපිත කරන මෙන් සංචාරක පාර්ශ්වකරුවන් රැසක් ජනාධිපතිවරයාට ඉල්ලීමක් යොමු කර ඇති බවද වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: