2026 ජූලි 11, පෙ.ව. 12:14
පසුගිය රජය සමයේ විද්‍යුත් වීසා (e-Visa) නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම්වලට පැවරීමට හිටපු අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය යළි සලකා බැලීමට වත්මන් රජය තීරණය කර ඇති බවත්, ඒ පිළිබඳ රජයේ අවසන් තීරණය ඉදිරියේදී අධිකරණයට දැනුම් දීමට බලාපොරොත්තු වන බවත් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ විවේකා සිරිවර්ධන මහත්මිය මේ බව ප්‍රකාශ කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, අර්ජුන ඔබේසේකර සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්දිරන්, පාඨලී චම්පික රණවක සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ආගමන විගමන පාලකවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
2026 අගෝස්‍තු 12, ප.ව. 12:49
2026 අගෝස්‍තු 12, ප.ව. 12:45
2026 අගෝස්‍තු 12, ප.ව. 12:40
2026 අගෝස්‍තු 12, ප.ව. 12:36
2026 අගෝස්‍තු 12, ප.ව. 12:00
11-08-26
11-08-26
08-08-26
08-08-26
07-08-26
07-08-26
06-08-26
06-08-26
04-08-26
04-08-26
04-08-26
04-08-26
31-07-26
31-07-26
31-07-26
31-07-26
31-07-26
31-07-26
29-07-26
29-07-26
29-07-26
29-07-26
27-07-26
27-07-26