hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2025 මාර්තු 27, පෙ.ව. 12:26



ජාතික ජනබල වේග කිසිදු මන්ත්‍රීවරයෙකු මන්ත්‍රී වැටුප ලබා නොගන්නා බවට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා සඳහන් කරයි.

ඒ දෙරණ රූපවාහිනියේ පැවති වාද පිටිය වැඩසටහනට එක්වෙමිනි.

ඊට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම මත පළ කරද්දී ඔහු කියා සිටියේ තම මන්ත්‍රීවරුන් සිය වැටුප් පක්ෂයේ පොදු අරමුදලකට බැර කරන බවයි.

ඉන් පසු අවශ්‍යතාවය පරිදි එම අරමුදලෙන් යම් දීමනාවක් ලබාගන්නා බවද ඔහු පැවසුවේය.

එහිදී විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ වැටුප නමින් නොව දීමනාවක් හෝ මොනයම් ආකාරයකින් හෝ මහජන බදු මුදල් ජාතික ජනබලවේග මන්ත්‍රීවරුන්ද පරිහරණය කරන බවයි.

එම සංවාදය වාද පිටිය ඉතා උණුසුම්කාරී තත්ත්වයකට ගෙන ආවේය.