hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 18, පෙ.ව. 8:42



අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කෙරුණු ක්ලබ් වසන්තගේ බිරිඳ තවමත් කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තා වනවා.

කෙසේවෙතත් රෝහල් ආරංචි මාර්ග පවසන්නේ, ඇයගේ තත්ත්වය මේ වන විට යහපත් මට්ටමට පැමිණ ඇති බවයි.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙක් පසුගිය 08 වනදා වෙඩිතබා ඝාතනය කෙරුණා.

මේ අතර එම අවස්ථාවට සහබාගීවී සිටි කේ.සුජීවා ද එම වෙඩි තැබීමට ගොදුරුවූ අතර ඇයත් බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරිණි.

කෙසේවෙතත් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය ද මේ වන විට යහපත් මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: