hit counter

2025 සැප්‍තැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි 09, පෙ.ව. 12:26



මේ අවස්ථාවේ ආණ්ඩුව ඉතිහාසයේ හොඳම වී මිල ගොවි ජනතාවට ලබා දී ඇතැයි ඉදිරියේ දී ඔවුන් පවසනු ඇතැයි වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ගිය වසරට වඩා රු. 15ක් වැඩියෙන් මෙවර ලබා දී ඇති බවයි. එය ප්‍රමාණවත් නොවේ යැයි කියන්නේ දේශපාලනික උවමනාව මත මිස සැබෑ ගොවියන් නොවන බව ද ඇමතිවරයා සඳහන් කරයි.

මහ පරිමාණ මෝල් හිමියන් මිලට ගන්නේ රටේ සමස්ත වී නිෂ්පාදනයෙන් 30%ක් බවත් ආණ්ඩුව 10-15%ක් මිලට ගෙන සහල් මිල රු. 230ක සීමාවේ තබා ගැනීමට කටයුතු කරන බවත් වසන්ත සමරසිංහ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: