hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2025 පෙබරවාරි 21, පෙ.ව. 12:05



ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතියකින් තොරව SLS ලාංඡනය භාවිතා කරමින් ජල බෝතල් නිෂ්පාදනය අලෙවිය සහ ගබඩා කිරීම කර තිබූ පූගොඩ දංගල්ල ප්‍රදේශයේ ජල බෝතල් නිෂ්පාදන ආයතනයක තිබූ හත්දහසකට ආසන්න ජල බෝතල් තොගයක් විනාශ කිරීමට ඊයේ (20) දින කටයුතු කළ බව පාරිභෝගික සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී බී.එස් සී.පී පෙරේරා මහතා පැවසීය.

පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත අධිකරණ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම ජල බෝතල් තොගය විනාශ කිරීමට කටයුතු කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ජල බෝතල් නිෂ්පාදන ආයතනයේ නිලධාරීන් තිදෙනෙකුට රුපියල් ලක්ෂ බැගින් වූ දඩ නියම කිරීමක් ද සිදුකළ බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: