2023 අගෝස්තු 17, ප.ව. 6:52
කොළඹ ප්‍රදේශ රැසකට එළඹෙන 19 වනදා පෙරවරු 8 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවී ඇති බව එම මණ්ඩලය පැවසුවා.
ඒ අනුව ලබන 19වන සෙනසුරාදා පෙරවරු 8 සිට 20වන ඉරිදා අලුයම 02 දක්වා කොළඹ, දෙහිවල ගල්කිස්ස, කොට්ටේ සහ කඩුවෙල මහ නගරසභා බලප්‍රදේශවලට, මහරගම, බොරලැස්ගමුව හා කොළොන්නාව, කොටිකාවත්ත හා මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට මෙන්ම රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:17