2023 සැප්‍තැම්‍බර් 03, ප.ව. 5:00
තද වැසි පිළිබඳ සිව්වන අවවාදාත්මක නිවේදනය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අද පස්වරු 1.00 සිට හෙට (04) පෙරවරු 8.30 දක්වා එම නිවේදනය වලංගු වෙනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා එම අවවාදාත්මක නිවේදනය බලපැවැත් වෙනවා.
ඒ අනුව එම ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.
නිරිතදිග මෝසම සක්‍රීයවීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි පැය කිහිපයේ තවදුරටත් බලාපොරොත්තු වෙනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්මල සහ ගාල්ල මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති වෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනවා.
2026 අප්‍රේල් 30, පෙ.ව. 9:37
2026 අප්‍රේල් 30, පෙ.ව. 9:27
2026 අප්‍රේල් 30, පෙ.ව. 9:24
2026 අප්‍රේල් 30, පෙ.ව. 9:22
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:24