hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ඔක්‍තෝබර් 06, ප.ව. 5:39



ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නව ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මේ වනවිට දිස්ත්‍රික්ක 9ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව,

කොළඹ දිස්ත්‍රික්කය

මුල්වරට කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රදේශය සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

එමෙන්ම සීතාවක ප්‍රදේශය සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කය

ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රදේශය සඳහා ප්‍රථමවරට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

එමෙන්ම එම දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ සහ පාලින්දනුවර ප්‍රදේශ සඳහා ප්‍රථමවරට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

තව ද අගලවත්ත සහ බුලත්සිංහල ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, දැරණියගල, යටියන්තොට, කෑගල්ල සහ රුවන්වැල්ල ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කය

රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොළ ප්‍රදේශය සඳහා ප්‍රථමවරට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

එමෙන්ම කොළොන්න, ගොඩකවෙල, ඉඹුල්පේ, පැල්මඩුල්ල, අයගම, නිවිතිගල, කිරිඇල්ල, ඕපනායක සහ කහවත්ත ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

තව ද රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇහැළියගොඩ, කලවාන, ඇළපාත සහ කුරුවිට සඳහා නිකුත් කර තිබූ දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇත.

මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ ප්‍රදේශය සඳහා නැවත වතාවක් පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

කළුතර දිස්ත්‍රික්කය

ඉංගිරිය, වළල්ලාවිට සහ මතුගම ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම දෙවන මට්ටම දක්වා ඉහළ දමා ඇත.

ගාල්ල දිස්ත්‍රික්කය

ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ගාල්ල කඩවත්සතර, තවලම, අම්බලන්ගොඩ, නියාගම, අක්මීමන, ඉමදූව, බෝපේ පෝද්දල, යක්කලමුල්ල, බද්දේගම ප්‍රදේශ සඳහා ප්‍රථමවරට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මීට පෙර ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රදේශය සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම දෙවන මට්ටම දක්වා ඉහළ දමා ඇත.

එමෙන්ම නෙළුව සඳහා නිකුත් කර තිබූ දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇත.

මාතර දිස්ත්‍රික්කය

මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය, මුලටියන, තිහගොඩ, මාලිම්බඩ, මාතර, කඹුරුපිටිය, පස්ගොඩ, කිරින්ද පුහුල්වැල්ල, හක්මණ සහ අතුරළිය සඳහා යළිත් පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

කොටපොල සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇත.

එමෙන්ම එම දිස්ත්‍රික්කයේ අකුරැස්ස සහ පිටබැද්දර ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කය

හම්බන්තොට වලස්මුල්ල ප්‍රදේශය සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: