hit counter

2024 මැයි මස 10 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 30, පෙ.ව. 12:03



WhatsApp Web පහසුකම ලබාදුන්නු කාලෙ ඉඳලම බොහෝදෙනා ඒ හරහා Status Upload කිරීමේ හැකියාව ලබාදෙන ලෙස ඉල්ලා තිබුණා.

ඔන්න ඒ නිසා මේ වෙද්දි, WhatsApp Webවල අලුත්ම පහසුකමක් විදිහට Status Upload කිරීමේ හැකියාව ලබාදීලා තියෙනව කියල දැනගන්න ලැබෙනව.

ඒ අනුව Status Section එකට ගොස් එහි ඉහළින්ම ඇති My Status මත Click කළ යුතුයි.

එහිදී ලැබෙන Menu එක හරහා ඔබට පළ කිරීමට අවශ්‍ය texts, photos, videos පළ කිරීමට හැකියාව පවතී.

නමුත්, තවම මේ පහසුකම සක්‍රිය වෙලා තියෙන්නෙ, WhatsApp Webහි Beta version එක භාවිත කරන්නන්ට පමණයි කියල තමයි දැනගන්න ලැබෙන්නෙ.

වැඩිදුරටත් වාර්තා වන තොරතුරු අනුව, නුදුරේදීම සියලු සාමාන්‍ය පරිශීලකයින් වෙත සහ WhatsApp Desktop යෙදවුම වෙත ද මෙම පහසුකම ලබාදීමට නියමිත බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: