hit counter

2025 පෙබරවාරි මස 15 වන සෙනසුරාදා

2025 පෙබරවාරි 15, පෙ.ව. 12:18



පාරිසරික ප්‍රශ්න සඳහා කඩිනමින් විසඳුම් සෙවීමට පරිසර අමාත්‍යංශයෙන් WhatsApp අංකයක් හඳුන්වා දී තිබේ.

පරිසර අමාත්‍යංශය විසින් පරිසර සංරක්ෂණය උදෙසා ජනතා සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණෙන් මෙන්ම පාරිසරික ගැටලු අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට යොමු කිරීම උදෙසා හා එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා මෙම නව WhatsApp අංකයක් හඳුන්වා දී ඇත. 

එම අමාත්‍යංශය පැවසුවේ ඒ අනුව, 076 641 20 29 යන දුරකථන අංකයට කෙටි පණිවුඩ වශයෙන් පමණක් පරිසර ප්‍රශ්න යොමු කරන ලෙසය.

එසේ යොමු කරනු ලබන ප්‍රශ්න පරිසර අමාත්‍යංශය විසින් අදාළ ආයතන වෙත යොමු කිරීමෙන් කඩිනම් සහ තිරසාර විසඳුම් සොයා ගැනීමටත් පසු විපරම් ක්‍රියාවලිය ඔස්සේ විමර්ශන කටයුතු සිදු කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ. 

සෑම මසකම සතියේ දින 5 එනම් සඳුදා දින සිට සිකුරාදා දින දක්වා පෙරවරු 7.00 සිට පස්වරු 7.00 දක්වා මෙම සේවාව සක්‍රීය වන අතර අද (14) දින සිට මෙම ක්‍රියාවලිය ආරම්භ වන බවත් අමාත්‍යංශය පවසයි.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: