hit counter

2024 මැයි මස 15 වන බදාදා

2024 අප්‍රේල් 06, ප.ව. 7:34



නැකැත්කරුවන් දෙපිළක් බෙදී කා කොටා ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඊයේ සංස්කෘතික අමාත්‍යංශයේදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා.

ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ වීමට පෙර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියට අසුන් ගැනීම සදහා අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් පුටුව සකසා දෙනු ලැබුවා.

ලෝකයේ එක ම වෙලාවක ළිප ගිනි මොළවා ආහාර පිස එකම වෙලාවට ආහාර අනුභව කරන එකම රට ශ්‍රී ලංකාව බව සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවා.

නැකැත්කරුවන් දෙපිළක් බෙදී කා කොටා ගැනීම නිසා එම මහඟු සංස්කෘතික උරුමය ද අහිමි වේ දැයි සැකයක් ඇතැයි ඇමැතිවරයා සඳහන් කරයි.

රාජ්‍ය නැකැත් කමිටුව පත් කර ඇත්තේ 1993 බවත් ඒ සියල්ල දැන් වෙනස් කර විශාල පරිවර්තනයක් සිදු කළ යුතු කාලය එළඹ ඇතැයි ද හෙතෙම අවධාරණය කරයි.