hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2024 අප්‍රේල් 21, ප.ව. 12:32



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ හා බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාපක්ෂ පත්කර තිබෙනවා.

ඒ අද ශ්‍රී ලකා නිදහස් පක්ෂයේ විධායක සභාව විසින් කැඳවා තිබූ රැස්වීමකදියි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීම කෝට්ටේ පිහිටි පෞද්ගලික හෝටලකදී අද (21) පෙරවරුවේ පැවැත්වූ අතර ඒ සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.

මේ අතර ඊයේ පක්ෂයේ වැඩ බලන මහ ලේකම්වරයා කැඳවු බව කියන දේශපාලන මණ්ඩල රැස්වීම සම්බන්දයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග කටයුතු කරන පිරිසක් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවත් වාර්තා වෙනවා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූල නොවන දේශපාලන මණ්ඩල රැස්වීමක් ඊයේ පවත්වා ඇති බව වාර්තා වීමත් සමගයි.