hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 11, පෙ.ව. 1:20



යාල වනෝද්‍යානයේ ඉදිකර ඇති භෝජනාගාරය සඳහා ටෙන්ඩර් කැඳවීමට සූදානම් බවත්, ඉන්පසු මාස දෙකක් පමණ ඇතුළත එය විවෘත කිරීමට හැකිවනු ඇති බවත්, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (10) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

මෙම භෝජනාගාරය විශාල මුදලක් යොදවා ඉදිකර ඇතත්, සාමාන්‍ය ජනතාවට ගොස් එහි ආහාර ලබාගැනීමට හැකිවන පරිදි පහසුකම් සකස් කිරීමට තමන් අමාත්‍යංශ නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද ඇය පැවසුවා.

විදේශිකයන් කැමැති ආකාරයේ අවන්හලක් ද (Coffee Shop) මෙහි ඉදිකිරීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරිය සඳහන් කළා.

යාල භෝජනාගාරය විවෘත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරිය මෙම අදහස් පළ කළා.