hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 11, පෙ.ව. 12:03



උත්සව සමයේදී ගිනි කෙළි නිසා සිදු වන අනතුරුවලින් සියයට දාහතක් (17%) සිදු වන්නේ අක්ෂිවලට බව ජාතික අක්ෂි රෝහල සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත.

කුඩා පිරිමි ළමයින් සහ තරුණයන් බහුතරයක් අනතුරට ලක්වන පිරිස අතර සිටිනා බවත් එම දත්ත අනුව වඩාත්ම අනතුරු සිදුවන්නේ රතිඤ්ඤාවලින් බවත් හෙළි වී ඇත.

මෙම තත්ත්වය සිංහල හින්දු නව අවුරුදු උදාවත් සමග ඇතිවන අතර එමගින් ඇසට සිදුවන අනතුරුවල වර්ධනයක් සිදුව ඇති බවද අක්ෂි විශේෂඥයෝ පවසයි.

තවද අහස්කූරු, බඹරචක්‍ර, නිලා කූරුවලින්ද මෙම අනතුරු සිදු වෙයි.

එසේම ගිනිකෙළි නිසා බහුලවම අනතුරු සිදුවන්නේ අත් සහ ඇඟිලිවලට බවටද එම සමීක්ෂණයෙන් හෙළි වි ඇත.

මෙම තත්ත්වය වළක්වා ගැනීමට සැමවිටම වැඩිහිටියකුගේ අනුදැනුම යටතේ ළමයින් ගිණිකෙළි ද්‍රව්‍ය භාවිත කළ යුතු බවත් ගොඩනැගිලි තුළ රථවාහන අසළ, හෝ ගිනි ගන්නා සුළු ද්‍රව්‍ය ඇති ස්ථානවල රතිඤ්ඤා ඇමීම සිදු නොකළ යුතු බව වෛද්‍යවරු පවසයි.

රතිඤ්ඤාවල සේවනූල හෝ ඇතුළත නූල හෝ ඇතුළත කොටස් කඩා වෙනස් නොකළ යුතු අතර නොදැල්වුණු රතිඤ්ඤා කිසිවිටක යළි දැල්වීමක් සිදු නොකළ යුතු බවට ද ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු පෙන්වා දෙයි.

තවද ගිනිකෙළි දල්වන අවස්ථාවේ වතුර බාල්දියක් අසල තබා ගතයුතු අතර පිළිස්සුම් සඳහා මෙන්ම නොදැල්වුනු රතිඤ්ඤා ගිල්විමට ද එය උපකාරි වෙයි.

ගිනිකෙළි දැල්වීමේදි නොවැළැක්විය හැකි අනතුරකට ලක්වූ විට කල් පසු නොකර වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් අත් බෙහෙත් භාවිත කිරීමෙන් වළකින ලෙසත් වෛද්‍යවරු ජනතාවට උපදෙස් දෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: