hit counter

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 14, ප.ව. 3:26



සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විකෘති කරන ලද අවුරුදු ගීතයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් අනුව මෙය සිදු කරනු ලබයි.

මෙම විමර්ශන එම අමාත්‍යංශය විසින් කරන බව පවසයි.

රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරන අවුරුදු ගීතයක් මෙලෙස විකෘති කර ඇති බවයි වාර්තා වන්නේ.

විකෘති කළ ගීතය සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයින් පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබා දෙන ‌ලෙසට උපදෙස් ලබා දී ඇති බවත් , සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා කියා සිටියි.

ඒසේම අදාළ පිරිසට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: