hit counter

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2025 අප්‍රේල් 12, ප.ව. 4:50



යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ මිත්තනියක වන ඩේසි ෆොරස්ට් මහත්මියට නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ යළිත් අධි චෝදනා ගොනුකර තිබේ.

ඒ, උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි රුපියල් මිලියන 59 ක හවුල් ගිණුමක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ය.

විමර්ශනවලදි හෙළි වී ඇත්තේ, ඩේසි ෆොරස්ට් වත්කම් ඇති කාන්තාවක් නොවන බවයි.

ඇය රාජපක්ෂ පවුලේ ආදායමෙන් යැපෙන්නියක බවද හෙළිව තිබේ.

මේ අතර මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට්ට මීට පෙර නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනු කළේ ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: