hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 02, ප.ව. 1:14



ජනාධිපතිවරයා ඇතුළු රජයේ ස්ථාවරය වන්නේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ක්‍රියාත්මක ඉඩම් හා පොලිස් බලතල හැර අනෙක් සියලු බලතල පළාත් සභාවලට දිය යුතු බව යන්න ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (01) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් පැවැත්වූ “ඔබට ගෙයක් – රටට හෙටක්”  නිවාස වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස ලාභීන්ට සින්නක්කර ඔප්පු හා නිවාස ණය බෙදාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ තමන් පළාත් මහ ඇමතිවරයකු ලෙස කටයුතු කළේද 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා බවයි.

ඒ මහතා පවසන්නේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැනටමත් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින්නක් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: