hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 05, පෙ.ව. 6:57



නව සන්ධානයේ ඉදිරි කටයුතු සාකච්චා කිරීමේ විශේෂ හමුවක් පසුගිය අගහරුවදා පස්වරුවේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ කොළඹ, මහගම සේකර මාවත පිහිටි නිවසේදී පැවැත්වුහ.

මේ සඳහා නිමල් සිරිපාල, ජෝන් සෙනවිරත්න, අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත්, නිමල් ලන්සා, නලින් ප්‍රනාන්දු, ලසන්ත අලගියවන්න, පියංකර ජයරත්න, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

“දැන් පොහොට්ටුව හොඳටම බයවෙලා ඉන්නේ,ඒකනේ බැසිල් ජනාධිපතිතුමාට කියන්නේ මේක නවත්තල දෙන්න කියලා “පියංකර කිවේය.

“අපි ඔය මොකටවත් සැලෙන්න හොඳ නෑ“අනුර යාපා කිවේය.

“බී,ආර් දන්නවා ලන්සා වැඩකට බැස්සොත් මොකද වෙන්නේ කියලා හුගක්ම බයවෙලා තියෙන්නේ එකයි.”පියංකර ලන්සා දෙස බලමින් කිවේය.

මේ අතරවාරයේ මන්ත්‍රී පිරිස් වත්මන් පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ වාග් ප්‍රහාර ගැනද කතාබහ කළහ.

“දැන් පොහොට්ටුවේ කථිකයෝ කතාකරන්නේ පුදුම දේවල් මේ යක්කුන්ට මුල මතක නෑ”ජෝන් කිවේය
“ඔව් පාන් කියාගන්නවත් බැරුව පාරේ බැහැල යන්නවත් බැරුව හිටියේ“නිමල් සිරිපාල කිවේය.

“ජනාධිපතිතුමා මැදිහත්වෙලා මේ රට සන්සුන් කරලා දුන්නා නිදහසේ ඉන්න පුළුවන් රටක් හදල දුන්නා ඒකවත් මතක නැතුව ජනාධිපතිතුමාට ගහනවා “ලන්සා කිවේ පිරිස දෙස බලමිනි.

මේ අතරවාරයේ අමරවීර ඇමතිවරයා පැමිණි පිරිසට රාත්‍රී ආහාරයද සුදානම් කර තිබිණි.බත්,ඉඳිආප්ප,ආප්ප වලින් කෑම වේල රසවත් විය.

“අමරෙගේ ගෙදර ආප්ප වරදින්නේ නෑ ඉතින්.කන්නත් බයයි “සුසිල් කිවේ සිනා සෙමිනි.රාත්‍රී භෝජනය අමරවීර අමාත්‍යවරයාගේ බිරිඳගේ අතින්ම සකසා තිබීම ගැනද පිරිස කතාවුහ.

දේශපාලන කතාවලට අමතරව රසබර කතාවලින්ද මෙහි අඩුවක් නොවිය.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: