hit counter

2026 සැප්‍තැම්‍බර් මස 16 වන බදාදා

2026 අගෝස්‍තු 11, පෙ.ව. 12:10



පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව ආණ්ඩුව විසින් ගෙනයන ක්‍රියාමාර්ග කිසිදු හේතුවක් මත ආපස්සට නොගන්නා බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.

ඔහු පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මෙම අඳහස් ප්‍රකාශ කළා.

බන්ධනාගාරවල එක පෙළට සිදු වූ නොසන්සුන්කාරී තත්වය සාමාන්‍ය එකක් නොවන බවත් ඒවා යම් කණ්ඩායමක ක්‍රියාකාරකම් බවද අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළා.

ආණ්ඩුව විසින් පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාලය මර්දනය කරමින් සිටින බවත් බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ලැබීමද නවතා ඇති බැවින් එම ක්‍රියාවලියට ප්‍රතිචාර ලෙස මෙම නොසන්සුන්කාරී තත්වය උදා වී ඇති බවද ඔහු පැවසුවා.

මෙම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හේතුවෙන් යම් කණ්ඩායමක් කලබල වී ආණ්ඩුවත් සමඟ වෛරයෙන් පසුවන බවද එම කණ්ඩායම ආණ්ඩුවට විරුද්ධව ගත හැකි සෑම පියවරක්ම ගනිමින් සිටන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

එම ක්‍රියාකාරකම්වලය ආණ්ඩුව කිසිදු ආකාරයකින් නොසැලෙන බවත් පාතාල සහ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් වලට එරෙහි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අඩියක්වත් ආපස්සට නොගන්නා බවත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: