2022 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 8:00
 
            
ආර්ථිකය හදන වැඩපිළිවෙල ගැන යෝජනා රාශියක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බාර දීමට සූදානම් බව වාර්තා වනවා.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුලේ තවත් කණ්ඩායමක් වෙනම රැස්වී සිය අදහස් යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.
ඇමති රමේෂ් පතිරණ මහතා, මහින්දානන්ද අලුත්ගමගේ මහතා, රාජ්‍ය ඇමැති සීතා අරඹෙපොළ මහත්මිය, රාජ්‍ය ඇමැති අනුෂ පැස්කුවල් මහතා, රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා, මධුර විතානගේ මහතා මෙලෙස වෙනම රැස්වී සාකච්ඡා කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ එම කණ්ඩායම රැස්වී සාකච්ඡා කළ කරුණු අතර රාජ්‍ය මූල්‍ය ණය කළමනාකරණය සම්බන්ධයෙන් ඇමැතිවරයකු පත් කළ යුුතු බවට යෝජනා කර ඇති බවයි.
රාජ්‍ය ණය කළමනාකරණ ඇමැතිවරයෙක් පත් කිරීම, ආදායම් බදු දෙපාර්තමේන්තුවට පිටින් නියාමන ආයතනයක් පත් කිරීම යන යෝජනා එහිදී සාකච්ඡා කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ ගණනාවක් මේ වැඩපිළිවෙළ අගය කළ බව පෙන්වා දෙන අලුත්ගමගේ මන්ත්‍රීවරයා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා තමාට පාර්ලිමේන්තුවේදි හමුවී “මේක ඉතාම හොඳයි. මම ඉන්නෙත් එතැන” යැයි ප්‍රකාශ කළ බවත් කරු ජයසූරිය මහතා තමාට දුරකථනයෙන් කතා කර ‘මේක තමයි වෙන්න ඕනැ. අපි සාධාරණ සමාජයක් හරහා කරන්න ගියෙත් ඒකම තමයි’ යැයි කියා සිටි බවත් සඳහන් කළා.
“අපි ලබන 23 වැනිදාට පාර්ලිමේන්තුවේ දිනක විවාදයක් ඉල්ලලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂවලින් මේක ගොඩගන්න අපි සියලුම දෙනා එකට එකතුවෙමු කියල. මේක හරියට හැදුවොත් රාජ්‍ය බදු ආදායම බිලියන 3000ක් අවුරුද්දකට ගන්න පුළුවන්. ” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25