2023 ජනවාරි 22, පෙ.ව. 1:26
 
            
පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග කවරේදැයි අධ්‍යයනය කිරීමට නීතිඥ කණ්ඩායමක් පත්කළ බව ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධව පසුගිය 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අනුව ඉතා පැහැදිලිවම පෙන්නුම් කරන්නේ ඉහළ දේශපාලන තලය මෙම ප්‍රහාරය වළක්වාලීමට කටයුතු කර නැති බවයි.
ඒ සඳහා වන්දි ගෙවීමට පමණක් නියෝග කිරීම ප්‍රමාණවත් නොවන බැවින් අලුතින් නඩුවක් නීතිපතිවරයා විසින් ගොනුකළ යුතුව ඇති බවත් මන්ත්‍රිවරයා සඳහන් කළා.
මේ පිළිබඳව දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉදිරියේදී මැදිහත් විය යුත්තේ කෙසේද යන්න නිරවුල්ව අධ්‍යයනය කළ යුතුව ඇති බවද දිසානායක මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව ඊට අදාළ නීතිඥ කණ්ඩායමක් පත් කළ අතර ඉදිරි ක්‍රියාමාර්ග ගැන පුළුල් අධ්‍යයනයක් සිදුකිරීමට ජාතික ජනබලවේගය අපේක්ෂා කරන බවත් කෙසේ නමුත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් හට සාධාරණය, යුක්තිය ඉටු කිරීමට රජය වහාම මැදිහත් විය යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
21-10-25
 
                                            21-10-25
18-10-25
 
                                            18-10-25
15-10-25
 
                                            15-10-25
14-10-25
 
                                            14-10-25
08-10-25
 
                                            08-10-25
29-09-25
 
                                            29-09-25
28-09-25
 
                                            28-09-25
28-09-25
 
                                            28-09-25
17-09-25
 
                                            17-09-25
13-09-25
 
                                            13-09-25
09-09-25
 
                                            09-09-25
08-09-25
 
                                            08-09-25