hit counter

2023 මාර්තු මස 28 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 03, ප.ව. 6:30


WhatsApp
Telegram

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වූ මහාචාර්ය ආශු මාරසිංහ නැවතත් එම තනතුරෙහි පිහිටුවීමට ජනධිපතිවරයා පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා.

ආශු මාරසිංහගේ පෙම්වතිය යැයි පැවසෙන ආදර්ශා කරඳන නමැත්තියගේ සුරතල් සුනඛයා ලිංගික හිංසනයට ලක්කර ඇති බවට චෝදනා එල්ල කරමින් ඒ සම්බන්ධ වීඩියෝපටයක් සමාජ මාධ්‍යජාල හරහා පසුගිය දිනවල සංසරණය වූ අතර එහි බලපෑම නිසා මහාචාර්ය ආශු මාරසිංහ තම තනතුරුවලින් ඉල්ලා අස්වුණා. 

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ආදර්ශා කරඳන සමග මාධ්‍ය හමුවක් කැඳවමින් සත්ත්ව අපයෝජනය පිළිබඳව ආශු මාරසිංහ වෙත චෝදනා එල්ල කළා.

එම මාධ්‍ය අනාවරණය හේතුවෙන් ජනතාව නොමග යැවීමෙන් අයුතු ආකාරයෙන් මහජන මතයක් මහාචාර්ය ආශු මාරසිංහට එරෙහිව ගොඩනැගුණු බව පවසමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගෙන් රුපියල් මිලියන 500ක් සහ ආදර්ශා කරඳනගෙන් රුපියල් බිලියනයක මුදලක් වන්දි ලෙස ඉල්ලා ආශු මාරසිංහ විසින් එන්තරවාසියක්ද යොමුකර තිබෙනවා.

මේ අතර මහාචාර්ය ආශු මාරසිංහ නැවතත් එම තනතුරෙහි පිහිටුවීමට ජනාධිපතිවරයා පසුගිය 31 වැනිදා පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: