hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 24, පෙ.ව. 11:52



ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභියෝගයක් කර තිබෙනවා.

සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නොව දෙමළ භාෂාවෙන් ද ඒ විවාදයට තමා සූදානම් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

තම මව දස මසක් කුසේ තබාගෙන කිරි දුන් සිංහල භාෂාවෙන් දින හතක් නොව පැය තුනක් විවාදයට ප්‍රමාණවත් බව මෙහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.

රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සමග අදාල විවාදයට තමා සූදානම් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: