hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 18, ප.ව. 2:34



හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එළැඹෙන ඉරිදා (20) යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව පොදුජන පෙරමුණු මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

බැසිල් රාජපක්ෂ ඊයේ රාත්‍රියේ ඇමරිකාවෙන් පිටත් වී ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කරනු ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.‍

කෙසේ වෙතත් අවසන් ඡන්ද විමසීම සඳහා දෙසැම්බර් මාසයේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන අයවැයට පක්ෂ ව ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා ආරම්භ කිරීම ද ඔහුගේ ක්ෂණික කාර්යයට ඇතුළත් බව වාර්තා වනවා.

බැසිල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිව්‍යුහගත කර බිම් මට්ටමේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරනු ඇති බවත් නැවත පැමිණීමෙන් පසු පක්ෂයේ වෙනස්කම් කිහිපයක් ද අපේක්ෂා කළ හැකි බවත් එම ආරංචි මාර්ග සඳහන් කළා.

පසුගිය කාලයේ පැවති දේශපාලන අර්බුද අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ද බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: